මගේ නම දිනිති,මගේ යාළුවා මල්ෂා
මේක මට යාළුවෙක් කියපු කතාවක්. ඒ නිසා මං එයා කියන විදියට කතාව ලියන්නෙ. එයා කෙල්ලෙක්. එයා ජීවිතේ විඳපු අත්දැකීමක් තමයි අද මම ඔයාලට කියන්නෙ.
මගේ නම දිනිති. මම ශිෂ්‍යත්වෙ පාස් වෙලා ගමෙන් පිට ලොකු ඉස්කෝලෙකට ආවට පස්සෙ සිද්දවෙච්ච සිදුවීමක් මේක. එතකොට මං 10 වසරෙ. මං ගමෙන් ආවට පස්සෙ දිගටම හිට්යෙ ඉස්කෝලෙ හොස්ටල් එකේ. ඒත් කාලයක් යනකොට හොස්ටල් ජීවිතේ එපා උනා මට. මගේ හොඳම යාළුවගෙ ගෙදර තිබුණෙ ඉස්කෝලෙ කිට්ටුව. මම 9 වසරෙ අන්තිම වගේ එයාලාගෙ ගෙදර නවතින්න ආවා. මගේ යාළුවා මල්ෂා. මමයි එයයි එක කාමරේ එකම ඇඳේ තමයි නිදා ගත්තෙ. ටික කාලයක් ගියා මට එහෙට හුරු වෙන්න. කොහොමහරි 10 වසරෙ මැද කාලෙදි වගේ අපි දෙන්නාට දෙන්නා නැතුවම බැරි තත්වෙට ආවා. හැමදේම කරන්නෙ දෙන්නත් එක්ක කතාවෙලා. කොටින්ම කිව්වොත් නිවුන් සහෝදරියො වගේ ජීවත් උනේ. ඒ වෙනකොට අපේ වයසෙ හැම කෙල්ලෙක්ටම වගේ කොල්ලො හිටියට අපි දෙන්නටම කොල්ලො හිටියෙ නෑ. මල්ෂා ගොඩක් ලස්සනයි. සුදුයි, ටිකක් මහතයි. කොල්ලො ගොඩක් එයාගෙ පස්සෙන් ආවට එයා කැමති උනේ නෑ.
දවසක් පන්තියෙ කොල්ලෙක් නෝට් වගයක් ලියාගන්න මගේ පොතක් අරං ගිහිං ඊළඟ දවසෙ ගෙනත් දුන්නා. මාත් පොත එහෙමම පොත බෑග් එකේ දාගෙන ඇවිත් එදා රෑ ඇඟ හෝදගෙන පාඩම් වගයක් බලාගන්න පොත ගත්තා. මල්ෂාත් පාඩම් කරනවා ඒ වෙලාවෙ. පොත පෙරලද්දි පොත ඇතුලෙ පත්තර පිටු වගයක්. ඔක්කොගෙම තිබුණෙ කුණුහර්ප පින්තූරයි, කතන්දර වගේකුයි.
Comments
Post a Comment